නවතම පුවත්

මෙහෙට එව්ව කුණු කන්ටේනර් ගැන බ්‍රිතාන්‍ය රජයෙන් විමර්ශනයක්

අසංක

අසංක

මෙරටට එවන ලද මිනිස් සුන්බුන් කොටස් සහිත කසළ කන්ටේනර් පිළිබඳ බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එරට රජය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ එම කන්ටේනර් යළි හරවා එරටට යවන බවට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද දැනුම්දීමත් සමගයි.

ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලෝහ වර්ග යැයි පෙන්වා මිනිස් සුන්බුන් සහිත රෝහල් අපද්‍රව්‍ය ලෙස සැළකෙන කසළ තොග සහිත කන්ටේනර් 11ක් රේගුවේදී අනාවරණය වූයේ එමගින් හැමූ අධික දුර්ගන්ධය පිළිබඳ පරීක්ෂාවෙන් පසුවයි.

මෙම කන්ටේනර් සැකසහිත වීම නිසා පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිී මිනිස් ශරීරවල කොටස් හමුවී තිබේ.

වසර 2ක් පමණ තිස්සේ මෙලෙස කසළ තොගය රේගුවට පැමිණ තිබේ.

තවත් කන්ටේනර් 240ක් පිළිබඳ පසුව අනාවරණය විය.

මේවා ගෙන්වීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයකුගේ නම ද ඈඳී ඇති අතර ඒ පිළිබඳ සමාජ ජාල තුළ ඔහුට එරෙහිව දැඩි විවේචන එල්ලවෙමින් ඇත.

කෙසේවෙතත් මෙම කසළ අඩංගු කන්ටේනර් පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ දැනුම් දුන්නේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්