මෙහේ ඉඳන් කම්හල්වල සේවය කළ ඉන්දියානුවන් රොත්තක්ම දැලේ

Picture of අසංක

අසංක

නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටිමින් කම්හල්වල සේවය කළ ඉන්දියානු ජාතිකයන් 73 දෙනකු මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් 49 දෙනකු සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදීයි.

තවත් 24 දෙනකු ඉංගිරිය ප‍්‍රදේශයේ කම්හලක සේවය කරමින් සිටියදී පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වීසා කාලය ඉකුත් වූ පසුව ද මෙරට තුළ රැදී සිටිමින් සේවය කිරීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවී තිබේ.

ඔවුන් පිළිබද නීතිමය කටයුතු, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර ඉන් පසුව ඉන්දියාවට ආපසු භාරදීමට කටයුතු කරනු ඇත.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි