නවතම පුවත්

මේ කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙන කාලයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට  පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය, මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම කරුණු පිළිබඳව පැහැදිලිකරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය ,

“කොවිඩ් -19 රෝගයට එරෙහිව අපි දීපු මාත්‍රා දෙක සම්පූර්ණ කරලා දැන් බෝහෝ ප්‍රදේශවල මාස 6ක් සම්පූර්ණ වේගන තමයි එන්නේ. එතකොට ලෝකය කරපු පරීක්ෂණවලින් පෙනෙන දෙයක් තමයි මාස 6ක් පමණ ගියාට පස්සේ මාත්‍රා දෙකම ගත්තට පස්සේ යම් විදිහකට එහි ප්‍රතිශක්තියේ අඩුවීමක් ක්‍රමාණුකූලව සිදුවෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත තුන්වෙනි මාත්‍රාවක් හැටියට ලබා දෙන්න. එතකොට ඒ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී ඒක වේගවත් වෙනවා. ඒත් එක්ක අපි දන්නවා. නොවැම්බර් දෙවන සතියේ සිට දෙසැම්බර් අග වෙනතුරු සාමාන්‍යයෙන් අපේ රටේ වැසි සීමාව බලපානවා. සෙම් සහති රෝග කොහොමටත් වැඩි වෙන කාලසීමාවක්. එතකොට කොයි පැත්තෙන් බැලුවත් ඉදිරි සති පහ හයක කාලය තුළ රටක් ලෙස අපි පරිස්සම් වෙන්න ඕනේ.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්