නවතම පුවත්

මේ කොවිඩ් සමයේ, තාවකාලිකව හෝ දුම්වැටි අලෙවිය තහනම් කරන්න – ADIC

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් රෝගය වේගයෙන් පැතිරයන මෙම කාලසීමාවේදී රට තුල, දුම්වැටි අලෙවිය තාවකලිකව හෝ තහනම් කිරීමට රජය පියවර ගත යුතුව ඇති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ) අවධාරණය කර සිටී .

කොවිඩ් ආසාධිතයින්ට බරපතල රෝගාබාධ ඇතිකිරීමට මෙන්ම කොවිඩ් වසංගත ව්‍යාප්තියටද ඍජුවම දායකවන මෙම දුම්පානය , තහනම් කිරීමට වගකිවයුතු අංශවල අවධානය මෙතෙක් යොමු නොවී තිබීම ගැටළුවක් වන බවද ADIC සභාපති වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා ප්‍රකාශ කර සිටී .

මැයි මස 31 දිනට  යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනය නිමිත්තෙන් අද  පැවති මාර්ගගත මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් රාජසූරිය මහතා මේ බව පැවසීය .

දුම්පානය කරන්නන් කොවිඩ් රෝගයට ගොදුරුවූ විට ඔවුන්ට බරපතල අකාරයේ සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ බවත්, විශේෂයෙන්ම දුම්පානය කරන්නන්ගේ පෙනහළු දුර්වල තත්වයක් පැවතීම හේතුවෙන් තත්වය තවදුරටත් භයානක වන බවද ඒ මහතා පැවසීය .

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වනවිට දුම්පානයේ හා කොවිඩ් ව්‍යාප්තියේ ඇති මෙම සබඳතාවයන් පිළිබඳව දැඩිව අවධානය යොමු කර ඇති බවත් , ඒ නිසාම ඔවුන් , මෙවර දුම්වැටි නිවාරණ දින තේමාව ” දුම්පානය නැවතීමට කැපවෙමු ” යන තේමාව තෝරාගෙන ඇති බවත් රාජසූරිය මහතා පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එමහතා මෙසේද පැවසීය ,
” දුම්පානය කරන්නන් නිසා කොවිඩ් ව්‍යාප්තියද වේගවත් වෙනවා. උදාහරණයක් ලෙස එකම දුම්වැටිය කිහිපදෙනෙක් භාවිතා කරන අවස්ථා තිබෙනවා . එයින් ඉතා බරපතල ලෙස කොවිඩ් ව්‍යාප්තිය සිදුවෙනවා. එසේම දුම්පානය කරන්නන් බොහෝ විට තම මුහුණු ආවරණය නිතර ඉවත්කරමින් දුම්පානයේ යෙදෙනවා . එයද කෝවිඩ් ව්‍යාප්තියට බලපාන බව පැහැදිලියි .

ඇතැම් විට මෙම දුම්පානය කරන්නන් එක් ස්ථානයකට එක්වී දුම්පානය කරනවා . එහිදීත් එකිනෙකා අතර කොවිඩ් බෝවීම සිදුවීමට ඇති ඉඩ කඩ විශාලයි . දුම්පානයෙදී මුඛයෙන් , නහයෙන් , වේගවත් ලෙස දුම් පිටකිරීමක් සිදුකරනවා , ඒ හරහා කොරෝනා වෛරසය තවත් අයෙකු වෙත සම්ප්‍රේෂණය වීමේ අවස්තාව විශාලයි.”

මේ වනවිට රට තුල දුම්වැටි භාවිතය කෙමෙන් පහල යමින් පවතින නමුත් , දුම්කොළ සමාගම් ලබන ලාභය ඉහල යමින් ඇති බවද , රට තුල පවතින වැරදි බදු ප්‍රතිපත්ති මෙම තත්වයට හේතුවී ඇති බවද , මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා මෙම සාකච්ජාවට එක්වෙමින් පැවසීය .

මෙම තත්වය නිවැරදි කිරීමට වගකිවයුතු අංශ පියවර ගතයුතු බවද ඒ මහතා පැවසීය .

දුම්වැටි වලින් වසරකට ලැබෙන බදු අදායම රුපියල් බිලියන 92.9 වන නමුත් , දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට සෞඛ්‍යයට හා ආර්ථිකයට වැයවන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 214ක් වන බවද ඒ මහතා මෙහිදී පැවසීය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්