නවතම පුවත්

මේ මාසෙට  ගෑස් කාන්දු  පිපිරීම් 17ක්

Roshan

Roshan

* ගතවූ වසර 6ටම 233 යි

* සංයුති පරීක්ෂණ දිගටම

දම්පත් රණසිංහ 

නොවැම්බර් මාසයේ මේ දක්වා රටපුරා නිවෙස් හා අවන්හල් ආශ්‍රිතව සිදුවූ ගෑස් කාන්දුවීම් මුල්කරගෙන සිදුවූ ගිනි ගැනීම් සහ පිපුරුම් 17 ක් වාර්තා වී තිබේ.

වැලිගම පිහිටි කුඩා හෝටලයක ඉකුත් 04 වෙනිදා ඇතිවුණු පිපුරුම සහ ගිනි ගැනීමත් සමඟ ගෑස් කාන්දුවීම්,ගිනි ගැනීම් සහ පිපුරුම් කෙරෙහි සමාජ අවධානයට යොමු වූ අතර මේ මොහොත වන විට 17 වන පිපුරුම සහ ගිනි ගැනීම වාර්තා වන්නේ හැටන් හී පිහිටි අවන් හලකිනි.

වැලිගම, වැලිකන්ද, අලව්ව, රත්නපුර, කොළඹ කුරුදුවත්ත, හෝකන්දර, නිකවැරටිය, ආරච්චිකට්ටුව, කල්මුණේ, කෑගල්ල, අහංගම, ජා-ඇල, පාදුක්ක, හංවැල්ල, කිලිනොච්චිය, යාපනය සහ හැටන් යන ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ.

මෙසේ ගෑස් කාන්දුවීම් සහ ඒ සමඟින් සිදුවන පිපුරුම් සහ ගිනි ගැනීම් සම්බන්ධයෙන් රටතුළ ඇතිවී තිබෙන ආන්දෝනාත්මක ත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පවසන්නේ 2015 වසරේ සිට මෙවන් සිදුවීම් 233 ක් වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල ජනතාව චෝදනා කරන්නේ ගෑස් ටැංකිවලින් ගෑස් කාන්දුවීම් සිදුවන බවකි. සබන් පෙන දමා ඔවුන් ඒවා වීඩියෝකර සමාජ මාධ්‍යජාල වෙතද මුදාහැරීමට මේ වන විට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් එලෙස සබන්පෙන දමා පරීක්ෂා නොකරන්නැයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ගෑස් සංයුතිය පිළිබඳ සොයා බැලීම සඳහා රට පුරා ප්‍රදේශ ගණනාවකින් ලබාගත් සාම්පල විස්සකට අධික සංඛ්‍යාවක් මොරටුව සරසවියට යවා ඇති බවත් එහි පර්යේෂණ සහ නිර්දේශ වාර්තාව අපේක්ෂාවෙන් සිටින බවද ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්