මේ මාසේ කොළඹ වරායේ සීඝ්‍ර වර්ධනයක්

Picture of අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

මේ මාසයේදී කොළඹ වරාය වෙතට නෞකා පැමිණීම 35%කින් ඉහළ ගොස් ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ වරායේ බහාලුම් මෙහෙයුම් ද 72%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව පැවසීය.

මේ වනවිට රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවය.