ජාත්‍යන්තර සමීක්ෂණයට අනුව, 2021 වසරේ ලෝකයේ වැඩිම පිරිසකගේ ඇගයීමට පාත්‍රවූ පුද්ගලයා ලෙස , ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා තේරී පත්වී ඇත .
YouGov ජාත්‍යන්තර සමීක්‍ෂණ දර්ශකය මෙම වසරට අදාලව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වේ .
මෙම දර්ශකයට අදාළ ලයිස්තුවේ දෙවන ස්ථානය , ව්‍යාපාරික බිල් ගේට්ස්හට හිමිවී ඇති අතර තෙවන ස්ථානය හිමිවී ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් වෙතය .
ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝහට මෙම ලයිස්තුවේ සිව්වෙනි තැන හිමිව ඇති අතර සටන් නළු ජැකී චැන් හට හිමිවී ඇත .
මෙම ලයිස්තුවේ මුල් 20 දෙනා අතරට ඉන්දියානුවන් 5 දෙනෙකු ඇතුලත්ව ඇති අතර ඉන් ඉහලින්ම සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදී ය .
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදී හට මෙවර ලැබී ඇත්තේ ලයිස්තුවේ 08 වන ස්ථානය වන අතර පසුගිය වසරේදී ඔහුට ලයිස්තුවේ සිව්වෙනි ස්ථානය හිමිවී තිබිණ .
YouGov සමීක්ෂණ වාර්තාව සම්පාදනය කිරීම සඳහා රටවල් සහ ප්‍රදේශ 38 ක පුද්ගලයින් 42,000 කට වැඩි පිරිසක් සමීක්ෂණය කර ඇත. ලෝක ජනගහනයෙන් දහයෙන් හතකට වැඩි ප්‍රමාණයක් සිටින රටවල මෙම මත විමසුම අන්තර්ජාලය හරහා පවත්වන ලදී.
මෙම ලයිස්තුවේ , ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රැඳී සිටින්නේ 16 වන ස්ථානයේ වන අතර එඉඉයානු සිනමා තරු වන ශාරුක් ඛාන් හා අමිතාබ් බච්චන් යන දෙදෙනාම මෙම ලැයිස්තුව තුල පාප් වහන්සේට වඩා ඉහලින් සිටීම කැපී පෙනෙන ලක්ෂණයකි . එසේම ඉන්දියාවේ පමණක් ජනව ලෝකයේම වඩාත් ඇගයීමට පාත්‍රවූ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තවමත් ලයිස්තුවේ ඉහලින් සිටින්නේ සචින් තෙන්ඩුල්කාර් වන අතර , විරාත් කෝලි මෙම ලයිස්තුවේ සිටින්නේ සචින්ට වඩා ස්ථාන හයක් පසුපසිනි .
එසේම වත්මන් ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මෙම ලයිස්තුවේ 20 වන ස්ථානය ලබාගන්නා විට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 13 වන ස්ථානයට පත්වී සිටීමද විශේෂත්වයකි .