ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ් මර්දනය සඳහා කෙරෙන එන්නත්කරණයේදී ප්‍රතිශක්තිය වැඩිකිරීමේ තුන්වැනි මාත්‍රාව හෙවත් Booster shot ලබාදීමේ තාවකාලික තහනම 2021 අවසානය වනතෙක් දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ධනවත් රටවල් සිය එන්නත්කරණ ඉලක්ක පසුකර යමින් සිටියද ඇතැම් දුප්පත් රටවල් එම ඉලක්ක සපුරා ගැනීමට ආසන්නයේවත් නොමැති බැවින් මෙම තහනම දීර්ඝ විය යුතු බව එහි ප්‍රධානී ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියාසිටී.
එබැවින් එන්නත් හිඟයක් ඇතිවීම වැළැක්වීමට හා එන්නත් අසමතුලිතතාව අවම කිරීම උදෙසා තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම කල් දමන්නැයි හෙතෙම අවධාරණය කර තිබේ.
ඉහළ ආදායම් ලබන රටවල් වලින් 90% ක්ම කොවිඩ් -19 එන්නත් කිරීමේ ඉලක්කය 10% ට ඉක්මවා තිබෙන අතර 70% කට වඩා රටවල් 40% ඉලක්කයටත් පැමිණ ඇත. එහෙත් අඩු ආදායම් ලබන රටවල්වලින් එකක්වත් එම ඉලක්කය සපුරා නැති බව හෙතෙම කියා සිටී.