මේ සතියත් ගෙදර ඉඳන් රාජකාරි කරන්න

Picture of අසංක

අසංක

හෙට (06) සිට ලබන 10 වැනිදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ම නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර සතියේ ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස නම් කර තිබුණි.

මෙය අතර අතර කොරෝනා අවදානම් කලාප ලෙස සැලකෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක ඇදිරිනීතිය යළි දැනුම් දෙන තෙක් අඛණ්ඩව බලාත්මක වේ.

ඒ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අතර යළි පස්වරු 2ට ඇඳිරිනීතිය පැනවෙනු ඇත.