මේ සතියේ ගෑස් නැව් පෝලිමක් එයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වෙළඳපොළේ මේ දිනවල පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක්  හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳපොළට වහා නිකුත්කිරීමට නියමිතය.

ගෑස් මෙ. ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02) වරායට සේන්දු වූ අතර හෙට අඟහරුවාද තවත් මෙ. ටොන් 3600 ක නැවක් වරායට පැමිණෙනු ඇත. ලබන සෙනසුරාදාද තවත් මෙ.ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතය.

හදිසි මිලදී ගැනීම් යටතේ සාමන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6000 බැගින් වූ නැව් දෙකක් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත.

 ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක  පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බව රජයට දැනුම් දෙයි.

මේ පිළිබඳව අනවශ්‍ය කලබලයට පත් නොවන්නැයි රජය  පාරිභෝගික ජනතාවට දැනුම් දි සිටියි.

මෙම ගෑස් හිඟය වාසියට යොදාගනිමින් ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත.

ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.