ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයේ පටන් ඔහුගේ ඇදුම් පැළදුම් නිසා කතාබහට ලක්වන්නෙකි.
71 වැනි නිදහස් දින සැමැරුම ගාලු මුවදොර අද දින පැවැති අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ඇදුමට අලුත් පළදනාවක් එක්කර තිබුණේය.
ඒ රන් පැහැති රාජ්‍ය ලාංඡනයකි. බොහෝවිට රාජ්‍ය නායකයන් ජාතික ඇදුමට ජාතික ධජය පැළැදීම සාමාන්‍ය දෙයකි.
බොහෝ දේශපාලඥයෝ ජාතික ඇදුමටත්, ඇතැම්විට සමාන්‍ය ඇදුමේ කමීසයටත් ජාතික කොඩිය පළදති. ඔවුන් ජාතික කොඩිය පළදින්නේ පුපුවේ වම්පසට වන්නට හදවතට කිට්ටුම තැනට සරිලන ලෙසය. නමුත් ජාතික ඇදුමට රාජ්‍ය ලාංඡනය එක්කරමින් ජනාධිපතිවරයා කළ වෙනස සාමාන්‍ය දෙයක් නොවේ.
ජනාධිපතිවරයා මෙම රාජ්‍ය ලංඡනය පැළද සිටියේද පපුවේ මැදට මදක් ඉහළින් කමීස බොත්තම් පෙළට සමගාමීවය.
2015 දි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ඇදුමට සමාන ඇදුමක් ඇදීම නිසා ජනාධිපතිවරා මෝදිට ඇන්දායැයි කියමින් ප්‍රසිද්ධියට පත්වු අතර පසුව එම ඇදුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතකදී වැඩි වශයෙන් අදින්නට පටන්ගත්තේය. මෛත්‍රි මෝදි ඇදුම දැන් නොඅදින තරම්ය.
රමේෂ් වරල්ලේගම