දම්පත් රණසිංහ, රමේෂ් වරල්ලෙගම
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය දැන සිටි බවට තොරතුරු පත්‍රිකා දෙකක් ඇතුළත් ලිපි තොගයක් තැපැල් කිරීමට පැමිණි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සේවකයන් තිදෙනෙක් කොටුව පොලිසිය විසින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත. කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවට මෙම ලිපි තොගය තැපැල් කිරීමට පැමිණි අවස්ථාවේ ඒ ගැන සැක සිතු තැපැල් නිලධාරින් වහාම කොටුව පොලිසිය ඒ පිළිබදව දැනුවත් කර ඇත. මේ අවස්ථාවේ කොටුව පොලිසිය භාර මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැමිණ අදාල ලියුම් තොගයෙන් එක් ලිපියක් විවර කොට කියවා තිබේ. එය සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයාට එරෙහි මඩ පත්‍රිකාවක් ලෙස නිර්මාණය කර තිබු බව කොටුව පොලිසිය සදහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමැති කිරිඇල්ල මහතාගේ දැන්වීම් ප්‍රචාරක කටයුතු භාරගත් ආයනයේ නිලධාරියෙක්, අමාත්‍යංශ වෑන් රථයේ රියදුරු සහ අමාත්‍යවරයාගේ වීඩියෝ කැමරාකරු සිටින බව කොටුව පොලිසිය පවසයි. මේ පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද දැනුවත් වී ඇති අතර කොටුව පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.