හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයට සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවරු කලේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වෙයි එසේම ඔහු ජනාධිපතිධූරයෙන් ඉවත් වන විට ප්‍රකාශ කලේ තමන් දේශපාලනයෙන් සමුනොගන්නා බවයි.
පසුගියදා පැවති ජනහමුවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටයේ 2/3 බහුතර බලයක් ලබාදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ලෙස කටයුතු සකස් කල යුතු බවත් තමන්ට සිදුවූදෙයම ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් සිදුවී ඇති බවද වැඩිදුරටත් සදහන් කලා.