මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරින්ගේ වැඩ තහනම්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත .

එම නීති ශිෂ්‍යාට තුවාල සිදුව ඇති බවත් ,පොලිස් ස්ථානයක් තුළ එවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බවත් අමාත්‍යවරයා   මාධ්‍ය වෙත   සඳහන් කර ඇත .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත

,”පෑලියගොඩ පොලිස් ස්ථානය ඇතුළේ තරුණයෙකුට පහරදීලා තියෙනවා. ඒ තරුණයාට තුවාල වෙලා තියෙනවා. ඒ ඡායාරූපත් සමාජගත වෙලා තියෙනවා. මම ඇමතිවරයා හැටියට පොලිස්පතිවරයාට නියෝග කළා වහාම අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් පවත්වන්න කියලා. පොලිස් ස්ථානයක් තුළදී ඒ වගේ පහරදීමක් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ.”

මිගාර ගුණරත්න නැමැති නීති ශිෂ්‍යයෙකුට ඊයේ (25) පෑලියගොඩ පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී තිබුණි.

පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස්ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10ක් පමණ තමාට පහරදුන් බව ඒ මහතා සඳහන් කර ඇත .

මිගාර ගුණරත්න  , හිටපු ආණ්ඩුකාරවරයෙකුද වන   නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ මහතාගේ පුත්‍රයා ය.

මේ අතර මෙම සිද්ධ්ය සම්භන්ධව ශ්‍රී ලංකා පොලිසියද නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ ,