පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසමේ විමර්ශන අංශය හමුවේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතාට ලබන 26 වැනිදා පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.
පාස්කු ප්රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලද අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශ සටහන් කරගැනීමට නියමිතය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු ජනපතිවරයාව සිටි සමයේ ගත් ක්රියාමාර්ග ගැන ද මෙහිදී ප්රශ්න කෙරෙනු ඇත.
හිටපු ජනාධිපතිවරයාගෙන් කොමිසම එම ප්රකාශ සටහන් කරගනු ලබන්නේ හිටපු ආරක්ෂක ඇමතිවරයා වශයෙනි.
එවකට ආරක්ෂක රාජ්ය ඇමති රුවන් විජේවර්ධන මහතා ද කොමිසමේ විමර්ශන අංශයට අද (17) කැඳවා තිබේ.
හිටපු අගමැති රනිල් වික්රමසිංහ සහ නීතිය හා සාමය හිටපු ඇමති සාගල රත්නායක මහත්වරුන් කොමිසමේ විමර්ශන අංශයට ලබන 21 කැඳවා තිබේ.