නවතම පුවත්

මොනාලීසාට “අතවරයක් “

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුවකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක්, එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට උත්සාහ කළේය.

ලියනාඩෝ ඩාවින්සිගේ විසින් සිතුවම් කරනු ලැබූ, මිල කළ නොහැකි, අති විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස ‘මොනාලීසා’ සිතුවම සැලකිය හැකිය. මෙය ලුව්ර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ, බිදිය නොහැකි වෙඩි නොවදින වීදුරු රාමුවක් තුළය.

ආබාධිත මහලු කාන්තාවක සේ කෞතුකාගාරයට ඇතුළු වුණු එම පිරිමි පුද්ගලයා මොනලීසා සිතුවම නරඹමින් සිටි පිරිස පුදුම කරමින්, රෝද පුටුවෙන් පැන සිතුවමේ අයිසිං කේක් තවරා ඇත.

වීදුරු ආවරණයක් මතුපිටින් ඇති බැවින්, සිතුවමට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු අතර, සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දෙනු ලැබුණි.

සිදු කළ විමර්ශනවලින් පසු පොලිසිය පවසා ඇත්තේ එය අවදානය දිනා ගැනීමට ගත් උත්සාහයක් බවය. ‘මොනාලීසා’ සිතුවමට හානි කිරීමට ගත් එම උත්සාහයට, සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක් ද ලැබුණි.

(රොයිටර්)

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!