දම්පත් රණසිංහ
මොරටුව ද්විත්ව ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි.
මියගිය ආමි මංජු නමැත්තා සිය බිරිඳ පුතා සහ පුතුගේ යහළුවා සමග නඩු විභාගයකට ගොස් පැමිණි අවස්ථාවේදී නිවස අසලදී කිසියම් පිරිසක් පැමිණ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනය සිදුවී තිබිණ.
මීට මාස 6කට පෙර ශම්මි නමැත්තා කපා කොටා තුවාල කර ඇත්තේ ආමි මංජු විසිනි.
ඒ පිළිබඳ අධිකරණයේ විභාග වන නඩුවට අද ගොස් පැමිණි අවස්ථාවේදී ආමි මංජු ඝාතනයට ලක්ව ඇත.
මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අතර ඒ අතර ශම්මි සිට ඇතයි ද තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙනි.