සමස්ත ඉන්දියාවම එකවර වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මහතා අද දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් එරට සියලු වැසියන්ගෙන් සමාව අයැද සිටියේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටවැසියන්ට අපහසුතාවලට මුහුණපැමට සිදුවන තීරණ කිහිපයක් තමන් විසින් ගත් බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් රටවැසියන් සමාව ලබාදෙනු ඇතැයි සිය හෘදසාක්ෂිය පවසන බව ද අග්‍රාමාත්‍ය මෝදි පැවසීය .
මේ අතර මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,160 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 31 කි.
පුද්ගලයින් 98 දෙනෙකු සුවය ලබා සිටින බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.