නවතම පුවත්

ඇඳිරිනීතිය සමයේ ගම්මැද්දට ජංගම ATM රථයත් එයි

අසංක

අසංක

ඇඳිරිනීතිය අඛණ්ඩව පනවා ඇති දිස්ත්‍රික්වල ජනතාවට අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට අවශ්‍ය මුදල් ගිණුම්වලින් ලබාගැනීමට ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (mobile ATM) පහසුකම් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඇඳිරිනීතිය හේතුවෙන් නිවසේ සිටින ජනතාවට තම ගිණුම්වලින් මුදල් ලබා ගැනීම සඳහා යම් ජංගම පහසුකමක් පිළියෙල කිරීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් එකඟ වූ බව අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධීකරණ ජනාධිපති කාර්‍ය සාධක බළකා මාධ්‍ය සම්බන්ධීකාරක චරිත හේරත් මහතා අවධාරණය කරයි.

පීපල්ස් බැංකුව දැනටමත් එය ආරම්භ කර ඇතැයි ඔහු පෙන්වා දී ඇත.

මෙම ගැටළුව ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටී.

මේ පිළිබඳව අද රැස්වූ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධීකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේදී ද සාකච්ඡා කර තිබේ.

මේ අතර රජයේ ආධාර දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවූ වර්තමාන වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමිවීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි