උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනේ.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම් මත අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිටඋසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත විය.
මේ හේතුවෙන් ජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙවරක් ඔවුන්ට ඉවත් වන්නැයි නියෝග කර තිබුණි.
නමුත් එසේ ඉවත් නොවීම නිසා මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ