යහපාලනය ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කතා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යහපාලනය හා විනිවිදභාවය අතින් ශ්‍රී ලංකා රජය කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන නොමැති බව මෙරට බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් ජේම්ස් ඩොව්රිස් මහතා අවධාරණය කර සිටී.

මැතිවරණ කලට වෙලාවට නොපැවැත්වීමද ප්‍රජාත්නත්‍රවාදයට නොගැලපෙන බවත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා චෝදනා කර සිටී .

ව්‍යවස්ථා සංශෝධනයන් හරහා රටේ මානව හිමිකම් හා අයිතීන් තවදුරත් ශක්තික්මත් කිරීමටද ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව මේ වනවිට මෙරට තම සේවා කාලය අවසන් කර සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය .

කෙසේ වෙතත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තුල ශ්‍රී ලංකා රජය යම් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය .