නවතම පුවත්

යළිත් රට තුල ගෑස් හිඟයක් ! කෑම කඩත් වැසේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී ඇත . ඉකුත් ඉරිදා දිනයේ සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය

මේ වන විටත් ගෑස් අඩංගු නැව් දෙකක් ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව නැංගුරම් ලා තිබෙන අතර  ඊට ප්‍රධාන හේතුව එම ගෑස් තොග ගොඩබෑම සඳහා පාරිභෝගික අධිකාරියෙන් අවසර ලබා නොදීමය. ඒ, ගෑස් කාන්දුවක් සිදු වන අවස්ථාවේ දී එය දුර්ගන්ධයක් ලෙස දැන ගැනීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට මෙම ගෑස් තොග තුල අඩංගු නොවන බවට සඳහන් කරමින්. පාරිභෝගික අධිකාරිය පැවසුවේ මෙම ගෑස් නැව් දෙක සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබද මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි. ගෑස් නැව් මෙරටට පැමිණ මේ වනවිට දින 5 කට අධික කාලයක් ගත වී තිබෙ.

කෙසේ වෙතත් පවතින මෙම තත්වය හමුවේ මේ වන විටත් කොළඹ නගරයේ මෙන්ම ප්‍රධාන නගර කීපයකම ආපනශාලා විශාල වශයෙන් වසා දමා තිබේ  . ඒ, ආහාර පිසීම සඳහා අවශ්‍ය වන ගෑස් නොමැතිවීම හේතුවෙන්. සාමාන්‍යයෙන් ප්‍රධාන නගර තුළ පිහිටි ආපන ශාලා දින දෙකෙන් දෙකට තම ගෑස් අවශ්‍යතාවය සපුරා ගන්නවා. එහෙත් දැනට දින පහකට ආසන්න කාලයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

සාමාන්‍යයෙන් ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝජනයෙන් දින තුනක් සඳහා පමනි . ඒ අනුව දින තුනකට වරක් නෞකාවක් වරාය වෙත පැමිණෙ

කෙසේ වෙතත් මෙලෙස පැමිණි නෞකා දෙකක් වරාය තුළ සිර වීම හේතුවෙන් මෙම ගෑස් අර්බුදය උද්ගත වී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ .සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල දෛනිකව පරිභෝජනය වන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 85,000 කට ආසන්නයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්