නවතම පුවත්

යාපනයට සහයෝගිතා මධ්‍යස්ථානයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යාපනය අඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ සංකල්පයකට අනුව කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ඉදිකළ සහයෝගිතා මධ්‍යස්ථානය ඊයේ (11) විවෘත කර ඇත.
ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් ජනතාව අතර සුහදතාවය වර්ධනය කරමින් සංහිදියාව ශක්තිමත් කිරිම සදහා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජිවනෝපාය නංවාලීමේ සමාජ සංවර්ධන කටයුතු සදහා සහයවීම මෙම මධ්‍යස්ථානය ඔස්සේ සිදුවේ.
ජාතික සමගිය, සහයොගිතාව හා සංහිදියාව ප්‍රවර්ධනය කරමින් සිවිල් ජනතාවගේ අභිවෘදිය සදහා මෙම සහයොගිතා මධ්‍යස්ථානය මගින් සමාජ සත්කාරමය ව්‍යාපෘති රාශියක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව යුද්ධ හමුදාව සදහන් කරයි.
සංස්කෘතික හා ආගමිකු, අධ්‍යාපන, සෞඛ්‍ය, සංනිවේදන හා ජනමාධ්‍ය, ඉදිකිරිම්, කාන්තා කටයුතු සේම විශේෂයෙන් යාපනය අර්ධද්විපයේ තරුණ තරුණියන් වෙනුවෙන් සංස්කෘතික වැදගත් කමක් ඇති නර්තනය සහ සංගිතය, නව අධ්‍යාපන ක්‍රමය සදහා වු තොරතුරු තාක්‍ෂණය, විවිධ ගැටලු හා ප්‍රශ්න සදහා සහන සැලසිම, ක්‍රිඩා සංවර්ධන කටයුතු හා රූපලාවන්‍ය පාඨමාලා ආදි තවත් බොහො ක්‍ෂේත්‍රයන් ආවරණය කරමින් මෙම මධ්‍යස්ථානය ජනතාවගේ මධ්‍යස්ථානයක් ලෙස සේවා සැපයීමට නියමිතය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්