පැතුම් වික්‍රමරත්න
යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධයක් පළ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමටත් පෙර මෙම විරෝධතාවය ඉදිරිපත් වූ බවද වාර්තාවේ
ශ්‍රී ලංකාව ගෙන ඇති මෙම තීරණය හෙතුවෙන් ආරක්‍ෂක ගැටළු මතුවිය හැකි බව ඉන්දීය රජයේ චෝදනාව වී ඇත .
. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුන ආරම්භ කෙරෙන දූපත් වන්නේ ඩෙල්ෆ්ට් දූපත, අනලතිව් දූපත සහ නයිනතිව් දූපත්ය. පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරන ලද දූපත් ඉන්දියාවේ වෙරළට ආසන්නව පිහිටා තිබේ. ඩෙල්ෆ්ට් දූපත ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් දුරින් පිහිටා තිබේ.