නවතම පුවත්

යාස් නිසා රටපුරා පැයකට විදුලි බිදවැටීම් පන්දාහක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ බිඳවැටීම් අධික ලෙස වැඩි වීම නිසා ඊයේ (27) වනවිට පාරිභෝගිකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවකට පමණ විදුලි සැපයුම අඩාල වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලන්ගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් වාර්තා වී තිබේ. දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල සැපයුම අඩාල වී ඇති බැවින් සම්ප්‍රේෂණ කේබල් මත ගස් කඩා වැටී ඇති බව ද වාර්තා වී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම ඇමතුම් මධ්‍යස්ථාන වෙත පැයකට සාමාන්‍යයෙන් ඇමතුම් 5000 ක් පමණ ලැබෙන බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි. මේ හේතුවෙන් එලෙස එන ඇමතුම් වලින් 1/5 කට පමණ පිළිතුරු දීගත නොහැකි වන බව හෙතෙම පෙන්වා දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික මධ්‍යස්ථාන 230 කට අනුයුක්තව සිටින බිඳවැටීම් කණ්ඩායම් දිවයින පුරා ඇති බිඳවැටීම් නිවැරදි කිරීම සඳහා පැය 24 පුරාම අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද විජිත හේරත් මහතා කියා සිටී.

වර්තමාන අයහපත් කාලගුණය සමඟ අධික ලෙස බිඳවැටීම් හේතුවෙන් සමහර අලුත්වැඩියාවන් වලක්වා ගත නොහැකි වීම ගැන ද කනගාටු වන බව සභාපතිවරයා කියාසිටී.

කිසියම් විදුලි පාරිභෝගිකයකුට විදුලි බිදවැටීමක් සිදුවී ඇත්නම් එය දැනුම් දුන් පසුව අලුත්වැඩියාව හැකි ඉක්මනින් සකස් කරන තුරු ඉවසිලිවන්තව කටයුතු කරන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටී.

ලංකා විදුලිබල මණ්ඩලයේ CEBCare ජංගම යෙදුම හෝ www.ceb.lk වෙබ් අඩවිය හරහා විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

BD Electricity_Account_Number ටයිප් කර 1987 වෙත යැවීමෙන් පාරිභෝගිකයින්ට කෙටි පණිවුඩ මගින් පැමිණිලි කළ හැකි බව ලංවිම පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්