යුක්‍රේනයට සහාය දක්වන ලෙස බටහිර රටවල් 14ක තානාපතිවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඕස්ට්‍රේලියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය,ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය,නවසීලන්තය, නෝර්වේ, යුරෝපා සංගමය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය, ජපානය, ඇතුළු රටවල් 14ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.
බටහිර රටවල් රැසකින් ශ්‍රී ලංකාවට පීඩනයන් එල්ලවූ අවස්ථාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියාව අවස්ථා ගණනාවකදී පෙනී සිටියේය.