නවතම පුවත්

සපුගස්කන්ද හෙට සිට යලි වැසේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර තිබෙ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටින්නේ තොග අවසන් වීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමට තීරණය කළ බවයි. 

එළඹෙන අප්‍රේල් මාසයේදී තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙන අතර .එම දිනය තීරණය වන්නේ බොරතෙල් මෙරටට ලැබෙන දිනය අනුව බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය . 

මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 25 ක් සියයට 30 ත් අතර ප්‍රතිශතයක් ඛණිජතෙල් පිරිපහදුව මගින් නිෂ්පාදනය කරන අතර . පිරිපහදුව වසා දැමුන ද, පෙට්‍රල් සහ ඩීසල් තොග අවශ්‍ය පරිදි මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු අද සහ හෙට යන සතිඅන්ත දිනවලදී සිදුකරන බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි . 

එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා පැවසුවේ උපරිම ධාරිතාවයකින් යුතුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්