යුක්රේනයට යුධ ආධාර ලබාදීමට ඇමෙරිකාව , ජර්මනිය , ප්‍රංශය , සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට ඇමෙරිකාව , ජර්මනිය , ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් ඉදිරිපත්ව සිටී .

යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන අතර . රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ

එසේම  යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර ඇති අතර  යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමටද ජර්මානු රජය තීරණය කර ඇත

ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.