යුක්‍රේනයේ “ටැංකි මිනිසා”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේනයට එරෙහිව සටනට පැමිණෙන රුසියානු යුද ටැංකි ටැංකියක් ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු යුක්රේන වැසියෙකු සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට ඉතා සිඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතී .

යුක්රේන නගරයක මංසන්ධියක් පසුකර යෑමට පැමිණෙන රුසියානු යුද ටැංකියක් ඉදිරිපිටට පැමිණෙන මෙම යුක්රේන වැසියා සිය රටට එරෙහිව සිදුකරන ආක්‍රමණයට විරෝදය පළ කරමින් එම යුද ටැංකිය මතට නැගීමට උත්සහ කලද, එය අසාර්ථකවූ තැන එය ඉදිරිපිට දණ ගසන අයුරු දක්නට ලැබින

කෙසේ වුවත් ඒ අසල රැස්ව සිටි පිරිස් එම පුද්ගලයා ඉවතට ගැනීමට කටයුතු කිරීමෙන් පසුව රුසියානු යුද ටැංකි ඉදිරියට ඇදෙන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබින

1989 වර්ෂයේ දී චීන සමුහාන්ඩුවට එරෙහිව දියත් වූ විරෝධතාවය මැඩලීමට කටයුතු කිරිමේදී ඊට කැඳවූ යුද ටැංකි පෙළ ඉදිරියේ සිට ගත් තනි මනුෂ්‍යයෙකු ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා සිටින අයුරු දැක්වෙන සුප්‍රකට “Tiananmen Square Tank Man” ජායාරූපයට සමාන සිදුවීමක් ලෙස ද යුක්රේනයේ අද සිදුවූ සිදුවීම සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවා දක්වා ඇත .