යුක්රේනයේ නාසි කණ්ඩායම් සහ කුලී හේවායින් මිනිස්පලිහක් ලෙස සිවිල් වැසියන් පාවිච්චි කරනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුක්රේනයේ රාජකාරියේ යෙදී සිටියදී මියගිය රුසියානු සොල්දාදුවන්ගේ පවුල් සඳහා රජයෙන් රූබල් මිලියන 7ක (ඇ.ඩොලර් 65,000ක් / රුපියල් එක්කෝටි තිස් දහසක පමණ) වන්දි මුදලක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කළේය.

එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී පූටින් මෙම ප්‍රතිඥාව ලබාදී තිබුණි. යුද්ධයේදී මියගිය සෙබලුන් වෙත සිදුකරන ගෙවීම් රුබල් 11,000 (ඩොලර් 100ක්) පමණක් බවට ඇතැම් බටහිර මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනලද ප්‍රකාශද නායකයා ප්‍රතික්ෂේප කර ඇත.

එසේම සටනේදී තුවාල ලැබූවන්ට රූබල් මිලියන 3ක (ඇ.ඩොලර් 28,000 / රුපියල් ලක්ෂ 56ක පමණ) එකවර මුදලක් සඳහා සුදුසුකම් ලබන අතර, සදාකාලික ආබාධ සහිත සෙබළුන්ට රුසියාවෙන් ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප් ලැබෙනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ප්‍රහාරය දැඩි ලෙස නියමිත කාල රාමුවකට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින අතර, හමුදා මෙහෙයුමේදී ඇතැම් ගැටලු අත්විඳ ඇති බව පිළිගනිමින් පූටින් අවධාරණය කර ඇත. නිදසුනක් වශයෙන්, රුසියානු හමුදාව යුක්රේන සිවිල් වැසියන්ට සටන් කලාපයෙන් පැන යාමට ආරක්ෂිත කොරිඩෝවක් පිහිටුවා ඇතත්, යුක්රේනයේ නව නාසි හමුදා සහ විදේශීය කුලී හේවායන් ඔවුන් පිටව යාම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින බවටද පූටින් චෝදනා කළේය.

“යුක්රේනයේ ජාතිකවාදී සහ නව-නාසි කණ්ඩායම්, මැද පෙරදිග ඇතුළු විදේශීය කුලී හේවායන්, සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කරනවා” පූටින් ප්‍රකාශ කළේය. “මම දැනටමත් පවසා ඇති පරිදි, නගරවල නේවාසික ප්‍රදේශවල ඔවුන් බර අවි උපකරණ ස්ථානගත කරන ආකාරය පිළිබඳ දත්ත හා ඡායාරූප අප සතුව තිබෙනවා.”

 

YouTube player