නවතම පුවත්

ගෑස් හිඟය බරපතලවන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය.

ලාෆ් සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් සිලින්ඩර 40,000 ක් පමණ වෙළෙඳපොලට සැපයුව ද ඊයේ වන විට එම සංඛ්‍යාව 2000 ක් දක්වා අඩුවී ඇති බවත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද සඳහන් කළේය.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී ගෑස් හිඟයක් සහ ගෑස් ප්‍රතිඅපනයන රටට ලැබෙන විදේශ විනියම ද අහිමිවන බව කී වෑගපිටිය මහතා මෙම තත්වය සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ බව ද සඳහන් කළේය.

ගෑස් ආනයනයට සාමාන්‍ය කාලයකදී සිය සමාගමට මසකට ඩොලර් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක මිල ඩොලර් 135 කින් අනිපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා තත්වය තවත් බරපතල වී ඇති බවත් වැඩි දුරටත් කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්