නවතම පුවත්

යුක්රේනයේ හිටපු අගමැතිනිය කොරෝනා ආසාදනය වී බරපතලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුක්රේනයේ හිටපු අගමැතිනී යුලියා ටිමොෂෙන්කෝ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මේ වනවිට ඇය බරපතළ තත්ත්වයේ පසුවන බව ඇගේ ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.

කනගාටුවට කරුණක් නම් මෙය සත්‍යයයි යනුවෙන් ෆාදර්ලන්ඩ් පක්ෂයේ ප්‍රකාශිකා මරීනා සොරෝකා ෆේස්බුක් සටහනක තබමින් සඳහන් කර ඇත.

59 හැවිරිදි හිටපු අගමැතිනිය රෝගය සමග සටන් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර ටිමොෂෙන්කෝගේ පවුලේ සමහර සාමාජිකයන්ටද වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ටිමොෂෙන්කෝ දෙවරක් යුක්රේනයේ අගමැති ධුරයට පත් වූ අතර 2004 දී ඔරේන්ජ් විප්ලවය ලෙස හැඳින්වෙන දූෂණයට හා මැතිවරණ කොල්ලකෑම්වලට එරෙහිව පුළුල් විරෝධතා හමුවේ ප්‍රසිද්ධියට පත්විය. ඇය දෙවරක් සිරගත කෙරිණි.

ඇය 2019 දී යුක්රේනයේ ජනාධිපතිවරණයේදී තෙවැනි වරටත් පෙනී සිටියද ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමට අපොහොසත් විය. යුක්රේනයේ මේ දක්වා වෛරස ආසාදිතයන් 107,379ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2,313කි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්