යුක්‍රේනය බිඳ වැටෙන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන වසරේ වසන්තය හෝ ගිම්හානය වන විට, යුක්‍රේනයේ හමුදාව තවදුරටත් විශ්වාසනීය සටන් බලකායක් නොවනු ඇති බව සපොර්ෂියා කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යුක්‍රේනය තුළින්ම එම බිඳවැටීම සිදු වනු ඇති බවය.

යුද්ධය සඳහා භට පිරිස් හිඟය මෙයට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබේ.

හමුදා සේවයට බඳවා ගැනීම අනිවාර්යය කිරීම සඳහා යුක්‍රේනය නව නීතියක් ඉදිරිපත් කර ඇති අතර එය මඟහරින තැනැත්තන්ට දේපොළ අහිමි කිරීම ඇතුළු අයිතිවාසිකම් අහිමි කිරීමට ද නියමිතය.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්සිකිගේ පාලනය බිඳදැමිය යුතු බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් ද ප්‍රකාශ කර තිබේ.