යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් COVID-19 එන්නත් අනුමත කිරීම වේගවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද අනුමත කළ අතර එහිදී රුසියාවේ නිපදවන එන්නත් අනුමත කිරීම තහනම් කර තිබේ.
ගෝලීය COVAX යෝජනා ක්‍රමය යටතේ ෆයිසර් ඉන්කෝපරේෂන් සහ ජර්මනියේ BioNTech විසින් නිපදවන ලද එන්නත් මාත්‍රාව 100,000 සිට 200,000 දක්වා පෙබරවාරි මාසයේ දී ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට රජය පවසා තිබේ.
යුක්රේනය කිසිදු කොවිඩ් එන්නතක් මෙතෙක් අනුමත කර නොමැති නමුත් යුක්‍රේන බලධාරීන් පුන පුනා පවසා ඇත්තේ රුසියාවේ එන්නත් අනුමත නොකරන බවත් භාවිතා නොකරන බවත් ය.
යුක්රේනයේ සබඳතා බිඳ වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එක් දේශපාලන බලවේගයක් රුසියානු එන්නත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් යම් උමතුවක් ඇති කර ඇතැයි පවසමින් යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් රූපවාහිනී සාකච්ඡාවකට පැවසුවේ කිසිවෙකු රුසියානු එන්නත රට තුළ ලියාපදිංචි කරන්නෙ නැති බවය.
රුසියාවේ විපක්ෂ චරිතයක් වන වික්ටර් මෙඩ්වෙඩ්චුක්ගේ සහාය ඇතිව යුක්රේන ඖෂධ සමාගමක් වන බයෝලික් පැවසුවේ මේ මස මුලදී රුසියාවේ ස්පුට්නික් වී කොවිඩ් -19 එන්නත නිපදවීම සඳහා රාජ්‍ය අනුමැතිය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.
2014 දී රුසියාව විසින් ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගැනීම සහ යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ ගැටුම් ඇතිවීමෙන් යුක්රේනයේ 14000ක් මියගියහ. අනතුරුව දෙරට අතර මෙලෙස ගැටුම් ඇති වී තිබේ.