නවතම පුවත්

යුක්‍රේන ජනාධිපති ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව , වැග්නර් සමාගම භාරගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ වගකීම භාර් ගනිමින් එරට තුලට කුලී ඝාතකයින් කණ්ඩායමක්  ඇතුල්වී ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී .

400 දෙනෙකු ගෙන් යුත් මෙම කණ්ඩායම  වැග්නර් ගෘප්  හෙවත් වැග්නර් සමාගම ලෙස  හැඳින්වෙන අතර  මෙම කණ්ඩායම  අප්‍රිකානු කලාපය, ඉරාකය සහ සිරියාව තුල සිය මෙහෙයුම් සිදුකර ඇත .

පුද්ගල පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකිරීම සඳහා මනා පුහුණුවකින් හෙබි  මෙම කුලී හමුදාව මිට සතියකට පමණ ඉහතදී යුක්රේනය තුලට ඇතුල් වී ඇති බව  වාර්තාවේ .

යුක්රේනයේ ජනාධිපතිවරයා, ඔහුගේ පවුලේ සාමාජිකයින්, යුක්රේන රජයේ ප්‍රධාන පෙලේ තනතුරු දරන්නන් ඇතුළු 24 දෙනෙකු ගෙන් යුත් ඝාතන ලැයිස්තුවක් මෙම කුලී හමුදාවට ලබාදී ඇත.

මෙම වැග්නර් සමාගමේ නායකයා වන්නේ දිමිත්‍රි යුට්කින් වන අතර ඔහු රුසියාවේ විශේෂ බලකාය වන ස්පෙට්නාස් හි ලුතිනන් කර්නල්වරයෙකු ලෙස සේවය කරනු ලැබුවෙක් ද වේ. .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්