යුක්‍රේන නායකයින් ඉලක්කකොට , රුසියානු ප්‍රහාර දියත්කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.

යුක්රේනයට ඇතුළු වී සිටින සෑම රුසියානු ප්‍රහාරක භටයෙකුටම රුසියාව විසින් යුක්‍රේන රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් කාඩ්පත් ලබාදී ඇති බව වාර්තාවේ . ඔවුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලෙසට රුසියාවෙන් එම භටයින්ට නියෝග ලැබී ඇති බවත් ඒ අතර යුක්රේන ජනාධිපතිවරයා ද සිටින බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත . කෙසේවෙතත් ජනාධිපතිවරයා ආරක්ෂිතව අගනුවර රැඳී සිටින බවයි යුක්රේනය පවසන්නේ.

මේ අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ යුක්රේනයේ කිව් අගනුවරට ඇඳිරි නීතිය බලාත්මක කර තිබෙ. අගනුවර තුළ අඛණ්ඩව සයිරන් නලා හඬ නාදවන අතර එය මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බවට කෙරෙන අනතුරු ඇගවීමක්ලෙස ක්‍රියාත්මකය .

ඒ අනුව අගනුවර මාර්ගයක කිසියම් හෝ පුද්ගලයෙකු රැඳී සිටියහොත් එම පුද්ගලයා රුසියානු හිතවාදියෙකු ලෙස සලකන බවයි කිව් අගනුවර නගරාධිපතිවරයා ජනතාවට දැනුම්දී ඇත්තේ.

ඊයේ රාත්‍රියේ සිට කිව් අගනුවරට රුසියානු හමුදාවන්ගෙන් මිසයිල ප්‍රහාර එල්ල වන අතර නගරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙ. ප්‍රහාරයෙන් එම ස්ථානයට දැඩි හානි සිදුව ඇති අතර එහි තිබූ විකිරණශීලී ද්‍රව්‍ය කාන්දුවීම් හඳුනාගත හැකි උපකරණ විනාශ වී ඇති බැවින් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේනයේ කිව් අගනුවරට දකුණු දෙසින් පිහිටි ඉන්ධන ගබඩාවකට ද රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් විෂ දුමාරය පිටවීමේ අවදානමක් මතුව ඇති බවයි නගරාධිපතිවරයා පැවසුවේ. රුසියානු හමුදාව විසින් යුක්රේනයේ කාකිව් නගරයේ පිහිටි ගෑස් නලයක් ද පුපුරවා හැර තිබෙ