නවතම පුවත්

යුක්රේන මගී ගුවන් යානයට පහරදීම ඉරාන සිසුන් හෙලාදකී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුක්රේන මගී ගුවන් යානයට ප්‍රහාර එල්ල කිරිම මුලින් ප්‍රතික්ෂේප කර පසුව එය අත්වැරදීමක් යැයි ඉරානය ප්‍රකාශ කිරීමත් සමග දහස් ගණනක් විරෝධතාකරුවෝ ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ විරෝධතාවක් පවත්වා තිබේ.

එරට ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකකින් පිටත විරෝධතා පැවැති අතර, සිසු සිසුවින් විශාල පිරිසක් ඊට සහභාගී වී සිටියහ. මේ අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන රජයට එරෙහි මෙම විරෝධතාවලට සහාය පළ කළේය.

පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් දින තුනකට පසුව ඉරානය පවසා සිටියේ නොදැනුවත්ව මෙම යානයට ප්‍රහාරයක් එල්ල කළ බවය.

යුක්රේනයේ කිවි අගනුවර බලා යමින් සිටි යුක්රේන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් හි PS 752 ගුවන් යානය බදාදා ටෙහෙරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපළ අසලදී ගුවන් ගත වූ විගස එයට ඉරානය ප්‍රහාර එල්ල කර තිබුණි.

මෙය සිදුවූයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවය.

පසුගිය ජනවාරි 3 වැනිදා බැග්ඩෑඩ් නුවරදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරි ඛාසිම් සොලෙයිමනී ඇමෙරිකාව විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාර එල්ල විය.

කෙසේ වෙතත් ඉරානය අත්වැරදීමකින් සිදුකළේ යැයි කියන ප්‍රහාරයෙන් යුක්රේනයට අයත් ගුවන් යානයේ සිටි ඉරාන සහ කැනේඩියානුවන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, යුක්රේනය, එක්සත් රාජධානිය, ඇෆ්ගනිස්ථානය සහ ජර්මනියේ ජාතිකයන්ද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්