මෙරට රැදී සිටින යුක්‍රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව මාස 02 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත . ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඒ අනුව මෙරට රැදී සිටින එම සංචාරකයින්ගේ වීසා කාල සීමාව ගාස්තු අයකිරීමකින් තොරව මිාස 02 ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙ
රුසියානු සංචාරකයින් 11,643 දෙනෙකු සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයිනේ රැදී සිටි. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඔවුන්ට ආපසු සිය රට වෙත යාමට නොහැකිවීම සැලකිල්ලට ගනිමිනුයි එම සංචාරකයි්න්ගේ වීසා කාල සීමාව එලෙස දීර්ඝ කර ඇත්තේ.
මේ අතර සිසුන් දෙදෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙනෙකු පමණ යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව විදේශ අමාත්‍යංශය පවසයි . යුක්‍රේනයේ පෝලන්ත දේශසීමාව හරහා ඔවුන් ඉවත් කර ගැනීමේ පහසුකම් සපයනු ලබන්නේ වෝර්සෝ සහ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.