යුක්රේන සංචාරකයින් සම්භන්ධව කිසිදු තොරතුරක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටී .
එම සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සංචාරක නියෝජිත ආයතනයෙන් හෝ සංචාරක ප්රවර්ධකයින්ගෙන් මේ පිළිබඳව කිසිදු තොරතුරක් තමා වෙත ලැබී නොමැති බව , අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රනාන්දු මහත්මිය අද දින සඳහන් කර ඇත .
යුක්රේනයේ සිට පැමිණි මෙම සංචාරකයින් මෙරට යාල ඇතුළු ප්‍රදේශවල සංචාරය කරන බව තමා දැනගත්තේ ජනමාධ්‍යය හරහා වන බවද සභාපතිනිය තම ලිපියේ සඳහන් කර ඇත .කාර්යසාධක බලකා රැස්වීමේදී එකඟවූ පරිදි , මෙම සංචාරය සංවිධානය කරනු ලබන පුද්ගලයා ඒ පිලිබඳ තම අධිකාරියට තොරතුරු ලබාදිය යුතුව ඇති බවත් , කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී සඳහන් කර ඇත .
ඒ කෙසේ වෙතත් එවැනි කිසිදු තොරතුරක් අදාළ පුද්ගලයා විසින් තමාට හෝ තම ආයතනයට ලබාදී නොමැති බව සභාපතිනිය මෙම ලිපිය හරහා චෝදනා කර ඇත .