නවතම පුවත්

යුද ජයග්‍රහණයට වසර 11යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද ජයග්‍රහණයට වසර 11යි
• යුද හමුදාවේ 14617කට උසස්වීම් !
• දිනක උසස්වන වැඩිම ගණන වාර්තාවක්
• ජාතික රණවිරු උත්සවය හෙට බත්තරමුලේදි

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීමට නියමිතව ඇත.

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් ප්‍රදානය කර තිබේ.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලබාදුන් උපදෙස් වලට අනුවකූලව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටියගේ මඟපෙන්වීමෙන් යුත් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබාදී ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසුනිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබූ ලැබිණි.

මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් දේශය පුරාවට සේවය කරන ලබන සියලු යුද්ධ හමුදා සාමාජිකයින් හට තම ස්තූතිපූර්වක සුබපැතුම් එක් කරන බව යුද හමුදාව නිවේදනය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්