නවතම පුවත්

යුද විජයග්‍රහණයට වසර 12ක් සපිරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දශක තුනකට අධික  කාලයක් මෙරට තුල  පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරේ .

.2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග  රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ශ්‍රී ලංකා රජයේ  ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත්විය

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද ඒත් සමගම මෙරට ආරක්ෂක අංශ වෙත හිමිවිය

මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් වර්තමානයේ කටයුතු කිරීම විශේෂත්වයකි.

එමෙන්ම යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂීය මෙහෙයුමේ පෙරමුණේ සිටි ජෙනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

එමෙන්ම එවකට සේනාංක භාරව කටයුතු කළ මෙන්ම යුද ජයග්‍රහණය සඳහා සෘජුව දායකත්වය ලබාදුන් ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානීන් ද මේ වනවිටත් මෙරට සිවිල් ජන ජීවිතය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා වත්මන් රජයට සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීම විශේෂත්වයකි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා