නවතම පුවත්

යුධ හමුදා බුද්ධි ප්‍රධානියා ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක පරිදි ඊයේ (28) සිට අදාල සේවාවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාල බ්‍රිගේඩියරවරයා මෙලෙස තනතුරෙන් ඉවත්කොට සේවා ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදිය.

බුද්ධි අංශය ප්‍රතිසංධානය කරනු ලබන බව නව යුදහමුදාපතිවරයා පළමු කතාවේදීම සදහන් කර තිබිණි. අදාල ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම ඉවත් කිරීම තහවුරු කළේය.
අදාල තනතුරට තවත් බ්‍රිගේඩියර්වර එස්.හේවාවිතාන පත්කර ඇති අතර ඔහු කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කරන්නෙකි. නව තනතුරට පත්වුවද ඔහු ඊයේ රාත්‍රිවනවිටත් නිල වශයෙන් තමන්ගේ තනතුරේ වැඩ භාරගෙන නොතිබුණු බව අදාල ආරංචි මාර්ග තහවුරු කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්