නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

යුරෝපයට සහ ඇමෙරිකාවට එමිරේට්ස් වෙතින් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන ගාස්තු

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ.

ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට ඉඩ සලස්වයි. සීමිත කාලයට පමණක් වලංගු වන විශේෂ ගාස්තු මගින් ව්‍යාපාරික පන්තියේ ආපසු පැමිණීමේ ප්‍රවේශපත්‍ර සඳහා ප්‍රකාශිත ගාස්තුවලින් ඇමෙරිකානු ඩොලර් 150ක් (වර්තමාන විනිමය අනුපාතයට අනුව රුපියල් 45,750ක්) ඉතිරි කර ගැනීමට මගීන්ට හැකියාව ලැබේ. තවද, ඉකොනොමි පන්තියේ ආපසු පැමිණීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු මත ඇමෙරිකානු ඩොලර් 40ක් (රු. 12,200 ක්) දක්වා ද ඉතිරියක් ලැබෙන බව ගුවන් සේවය පවසයි. මෙම සියළුම ප්‍රවේශපත් සඳහා ගෙවන රුපියල් අගය ප්‍රවේශපත් මිලදීගන්නා දිනයේදී තිබෙන විනිමය අනුපාතය අනුව තීරණය වනු ඇත.

ඉතිරි ව ඇති ප්‍රවේශපත් ප්‍රමාණය සහ කොන්දේසි වලට යටත්ව එමිරේට්ස් ලබා දෙන මෙම විශේෂ ගාස්තු වලට ප්‍රවේශපත් එමිරේට්ස් වෙබ් අඩවියෙන් හෝ ට්‍රැවල් ඒඡන්ත සමාගම් හරහා 2024 ජූලි 31 දක්වා මිලදී ගත හැකි අතර, එම ප්‍රවේශපත්‍ර වලංගු වන්නේ 2024 ඔක්තේබර් 31 දක්වා රටින් පිටතට යන සංචාර සඳහා ය. මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන්කරවා ගන්නා ප්‍රවේශපත්‍ර සඳහා සේවා ගාස්තු අය නොකෙරේ.

මෙම විශේෂ ගාස්තු සඳහා අදාළ වන ආකර්ෂණීය ගමනාන්ත අතරට යුරෝපයේ ලන්ඩන්, මැන්චෙස්ටර්, පැරිස්, මිලාන්, රෝමය, බොලොඤ්ඤො, ඇමස්ටර්ඩෑමි, සූරික්, ෆ්‍රෑන්ක්ෆර්ට්, මියුනික් හා මොස්කව් යන ගමනාන්ත සහ උතුරු ඇමරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් DC, ලොස් ඇන්ජලිස්, සැන් ෆ්රැන්සිස්කෝ, බොස්ටන්, චිකාගෝ, ඩැලස්/ෆෝර්ට් වර්ත්, ටොරෙන්ටෝ හා මොන්ටි‍්‍රයෙල් යන ගමනාන්ත ඇතුළත් වේ.

තවද, එමිරේට්ස් හි සම්මානලාභී නිරන්තර පියාසර කරන්නන් සඳහා වූ වැඩසටහන වන Skywards හි සාමාජාකයන් හට ගුවන් සේවයේ ‘Cash + Miles’ ක්‍රමය හරහා ගාස්තුවෙන් කොටසක් එකතු වී ඇති Skywards Miles මගින් ගෙවිය හැකි අතර එමගින් තවදුරටත් ඉතුරුම් භුක්ති විඳීමට හැකියාව ලැබේ.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)