නවතම පුවත්

යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය යලි ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සමග නැවතත් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කර සිටියේය

යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ සෑම රටක්ම මේ වන විට නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් පවතින බවත් විශේෂයෙන්ම යුරෝපයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් “දැඩි සැලකිල්ලක්” දක්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පැවසුවේ.

චීනය ඇතුළු ආසියාවේ ඇතැම් රටවල් සංචාරකයින් සඳහා සිය රටවල් විවෘත කිරිමට පියවර ගැනීමත් සමග වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම සංචරණ සීමා පැනවීම ගැන වැඩි වශයෙන් අවදානය යොමුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එමෙන්ම එළඹෙන නත්තල් ඇතුළු උත්සව කාල සීමාවේදී ජනතාව ගෘහආශ්‍රිතව ඒකරාශීවීම් සමග වෛරස ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම තවත් වැඩි බවත් මේ හේතුවෙන් කල් තියා ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය තීරණය කළ යුතු බවයි ලෝක සංවිධානය සඳහන් කර සිටින්නේ.

” තවත් ප්‍රමාද වෙන්න පෙර ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරිමට පියවර ගත යුතුයි. ඒ සඳහා දැනට පවතින ක්‍රමවේදවලට වඩා වෙනස් උපක්‍රම භාවිතා කළ යුතුයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානි Hans Kluge ප්‍රකාශ කර සිටින්නේ.

යුරෝපයේ රටවල් 53 තුල ඉකුත් සතියට සාපේක්ෂව පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 1.8ක් වන අතර එය 6% කට වර්ධනයක් පෙන්නුම් කරනවා. එමෙන්ම මරණ වාර්තාවීම ද ඉකුත් සතියේ 12% කින් වැඩිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

පවතින තත්ත්වය අනුව එළෙඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට යුරෝපයෙන් පමණක් තවත් කොවිඩ් මරණ ලක්ෂ 05ක් වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්