කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට යුරෝපයේ රටවල් රැසක කොරෝනා රෙගුලාසි දැඩි කර ඇත.
ඒ අනුව,බ්‍රිතාන්‍යය අදියර තුනකින් යුත් කොරෝනා රෙගුලාසි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
චෙක් ජනරජය, සති තුනක කාලයක් එරට පාසල්, තැබෑරුම් සහ රාත්‍රී සමාජ ශාලා අර්ධ වශයෙන් වසා දමා ඇත. මේ වනවිට යුරෝපයේ පුද්ගලයන් ලක්ෂයකින් වැඩිම ආසාදිතයන් වාර්තාවන රට වන්නේ චෙක් ජනරජයයි.
නෙදර්ලන්තය අර්ධ වශයෙන් වසා දමන බවට නිවේදනය කර ඇති අතර එරට ජනාකීර්ණ ස්ථාන තුළදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
මේ අතර යුරෝපයේ රටවල් රැසක රෝහල්ගතවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද සීඝ්රයෙන් ඉහළගොස් තිබේ.
ප්‍රංශ ජනාධිපතිවරයා ද අද එරට කොරෝනා මර්දන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීමට සුදානම් වනබව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව ඉතාලිය සහ ඔස්ට්‍රියාව ද ඒම රටවල කොරෝනා රෙගුලාසි දැඩි කිරීමට පියවර ගෙන ඇත.