කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග යුරෝපය යළිත් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කර ඇත .
දැනටමත් දැඩි කොරෝනා රෙගුලාසි කි‍්‍රයාත්මක යුරෝපා රටවල් කිහිපයක්ම එම රෙගුලාසි තවත් දැඩි කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙ.
ඒ අනුව යුරෝපය යළි වසා දැමීමේ අවදානම තීව‍්‍ර කරමින් එංගලන්තය සති 06 ක කාලයක් සඳහා අද වසා දැමුණු අතර ස්කොට්ලන්තය ද අද රාති‍්‍රයේ අර්ධ වශයෙන් වසා දැමේ . අයර්ලන්තය හා වේල්සය ද පවතින්නේ දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්වය.
මේ අතර නත්තල් සැමරුමට සමගාමීව ඉතාලියට පනවා තිබූ කොරෝනා රෙගුලාසි තවදුරටත් දීර්ඝ කිරීමටයි එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉතාලියේ කොරෝනා රෙගුලාසි ලබන ජනවාරි මස 15 වනදා තෙක් බලපැවැත්වෙනු ඇත. එම කාලයේ එරට මත්පැන් අලෙවිසැල් හා ආපනශාලා විවෘත වන්නේ ඇනවුම් ලබාදීම සඳහා පමණි .
මේ අතර දැනටමත් වසා දමා ඇති ජර්මනිය ද එම සීමා තවදුරටත් දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත. ඒ අනුව ජර්මනිය තවදුරටත් වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්, අද තීරණයකට එළඹෙනු ඇත.