යූරියා පොහොර හිඟයක්

Picture of අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට යුරියා පොහොර හිඟයක් මතුව තිබේ.

මේ පිළිබදව පොහොර නිශ්පාදන සැලසුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළේ, පොහොර මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

යුරියා පොහොර භාවිතා කර මිශ්‍ර පොහොර සකස්කරන නමුත් එම මිශ්‍ර පොහොර සකස්කිරීම සඳහා ද යූරියා පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව පොහොර විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් පොහොර සැපයුම්කරුවන්ට පොහොර ලබාදීමට දුෂ්කරතා මතුව ඇති බවද වාර්තාවේ.