නවතම පුවත්

යොහානිට රාජ්‍ය සම්මානයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“මැණිකේ මගේ” ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදී ගෞරවය පුද කිරීමට කටයුතු කරන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.

අගමැතිවරයා ඒ සඳහා මැදිහත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට රජය ගෞරවය පුද කරන බවත් කලාකරුවන්ට එවැනි සම්මාන දීමට පමණක් සීමා නොවී ජීවිතය පුරා කලා ක්ෂේත්‍රයේ අභිමානයෙන් කටයුතු කිරීමට පදනම වැටෙන වැඩපිළිවෙළක්ද අරඹන බවත් වික්‍රමනායක මහතා පැවැසුවේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ඇගයීමක් සිදු වී නැතැයි චෝදනා කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයිද ඔහු මෙහිදී ඉල්ලීමක් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්