නවතම පුවත්

යෞවනයන් පිට පන්නන කොන්ත්‍රාත් පුරය – යොවුන් පුරය -2019

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


රමේෂ් වරල්ලෙගම


යොවුන්පුරය 2019 වීරවිලදී ආරම්භවී අදට ගතවන්නේ දෙවැනි දිනයයි. මාධ්‍යයෙන් යොවුන් පුරයට දෙන ඇදහිය නොහැකි ප්‍රචාරයත් සමග සියලු දෙනාගේ සිතට එන්නෙ යොවුන් පුරය මරු වැඩක් කියාය. ඇත්තටම වීරවිලට ගොස් බැලුවීට නම් එහි යථාර්ථය අමිහිරිය. කටුකය. වීරවිලටත් එහා ශුෂ්කය.

යෞවනයන්ගේ පුරය බිලිගෙන ඇත්තේ කිසිදු පිළිවෙලක් නොමැති කොන්ත්‍රාක්කරුවන්ගේ හෝ කොමිස් කාක්කන්ගේ පාරාදීසයයි. බැලු බැල්මටම මෙවැනි චෝදනාවක් කරනුයේ ඇතැම්විට දේශපාලන භේදයක් නිසාදැයි ඇතමෙක්ට සිතෙන්නට පුළුවන. වීරවිලට යනකම් කතාකරන සුදු අලින්ගේ අයිතිකරුවන් අපි හැමෝම නිසා මෙවැනි මාතෘකා පොදු මාතෘකාය.

හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ හා ඊට සැබැදි අනෙකුත් ගොඩනැගිලි සුදු අලිනම් මෙවැනි පුරවර හරහා සිදුවන්නේද එවැන්නක් බව බැලු බැල්මටම ඔ්නෑම කෙනෙක්ට වැටහී යති. ඊට හේතු පහත පරිදිය. යොවුන්පුරය ආරම්භවනබව දැනුම් දී තිබුණේ 27 වැනිදාය. මුලින් මුලින් මෙහි ආරම්භයට අගමැති රනිල් වික්‍රමසිංහ පැමිනෙණු ඇතැයි සදහන්වුවද 27 වැනිදා සවස්වනතුරුත් සංවිධායකයන්ට යොවුන් පුරය පිළිවෙලක් කර ගැනීමට නොහැකිවිය.

ඊට පෙර දින සිට කොළඹ සහ අනෙකුත් පළාත්වලින් පැමිණි අමාත්‍යංශ නිලධාරින්, රාජ්‍ය නොවන ආයතනවල සේවකයන්ට මුල්ම පරිශ්‍රමය දැරීමට සිදුව තිබුණේ තමන්ට වෙන්කළ ප්‍රදර්ශන මන්දිරයේ තමන්ට හිමි කුටිය අටවා ගැනීමය. කුටිය සකස්කර ගැනීම කෙසේ වෙතත් කුටිය අටවා ගැනීමටවත් එහි පිළිසරණක් නොවීය. ඇතැම් නිලධාරින් බබාලා වගේය. ඒ අයට කුටිය කොහිදැයි අසනවිට දෙන උත්තරද අපුරුය. දැන් ඒවි හදන අය ඒ අය ආවාම හදාගන්න. දැන් ඉතිං මේ විධියට 26 වැනිදා සිට බලා සිටි පිරිස් 27 වැනිදා සවස්වනතුරුත් ඒ ඒ තැන්වල අහස පොළව ගැට ගැසූහ.
ඉන්ද ඵලක් නොමැතිවනවිට ඒ් කොන්ත්‍රාත් කරුවන්ද සොයා ගියේය.

බඩු තිබුණා ඉවර වෙලා. අලුතෙන් බඩු හදනවා. මේ ඔවුන්ගේ උත්තරය. ඇත්තටම කිව්වොත් ඇතැම් ප්‍රදර්ශනකුටි වෙන්කොට සකස්කිරීම් අවසන් වුයේ අද 28 අලුයම 4ට පමණය. ඒවාත් රටාවක් නැති මරාලය. නැතිනම් ඇටවීම්ය. යොවුන් පුරයට යාබදව ලහි ලහියේ බිත්ති බදින ගෙවල්ද මනරම්ය. දවසට දෙකට හුණුගාණ බිත්ති බදින ආකාරය දුටු අපේ මිතුරෙක් මොකද මේ කළබලේ යැයි ඇසුවේය.අගමැතිතුමා එනවා නේ මේ සජිත් ඇමැතිතුමා හදන ගෙවල් යැයි කීවේය.

ඇත්ත ඒ්වා සජිත් ඇමැතිතුමා හදන ගෙවල් බව පේන්නට තිබේ. ඊට හේතුව ගෙවල් හදනවාට වඩා වේගයෙන් හදන ඵලක නම් අඩුවක් නොමැතිවීමයි. වාහනයෙන් ඒහාට රවුමක් ගොස් මෙහාට ඒනකොට වීරවිල විවෘත කරන ගම්මානයේ ඵලක හැදි අවසන්ය. බැලු බැල්මටම රෙඩි මේඩ් ගෙවල් ඉරි තැලීම් නැතිව කොතරම් කලක් තිබේදැයි සැක සහිතය.

යොවුන්පුරයට බැනර, පාතාක ධජ එල්ලමින් ආලවට්ටමට මහා තැනක් දෙමින් කොළඹ සිට කිලෝමීටර් 250 පමණ ඈතක ප්‍රදර්ශනකාමයට මේ වැඩ කරනවා වෙනුවට සැබෑම අවශ්‍යතාවන් එක්කොට තරුණ තරුණියන්ට එක් රැකියා අවස්ථාවක් හෝ උදාකරනවානම් හොදය. කොළඹින් යන කාර්ය මණ්ඩල, දින ගණනක් වැය කරන ඉන්ධන බිල්, බැනර,පෝස්ටර් ධජ හා උත්සව භාණ්ඩ සදහා කොන්ත්‍රාක්කරුවන්ට දරණ වියදමෙන් ඇත්තටම අඩුම තරමේ තවත් රෙඩිමේඩ් ගම්මාන දෙක තුනක් හදන්නට තිබුණේය. ඒ නිසා ඇත්තටම නම් සිදුවන්නේ පහුගිය ආණ්ඩුවේ සුදු අලියාට මේ ආණ්ඩුව කරඩුව තබා ගෙනයාමය. ඉන් යෞවනයත් රටත් ගොඩයනු ඇතැයි අල්පමාන අදහසක් ඇතිවන්නේ නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්