නවතම පුවත්

රංගේ බණ්ඩාරගේ පුතාගේ ඩ්‍රයිවින් මාස 6 කට අත්හිටුවයි

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතාගේ රියැදුරු බලපත්‍රය මාස 6 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ.

ඔහු හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 32,500 ක දඩයක් ද සැකකරුට නියම කෙරිණ.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම මුදල නොගෙවන්නේ නම් මාස 6 ක සිර දඬුවමක් ද නියම කෙරිණි.

2018 වසරේ ජුනි මස 06 වැනි දා සිදු වූ රිය අනතුරකට අදාළව චෝදනා 6 ක් ඔහුට එරෙහිව ගොනු කර ඇත.

යශෝධ රංගේ බණ්ඩාර මහතාට එරෙහිව තිබූ චෝදනා වූයේ අපරීක්ෂාකාරි රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, පුද්ගලයෙකුට තුවාල කිරීම, අපරීක්ෂාකාරි හා අන්තරාකාරී රිය ධාවනයෙන් මනුෂ්‍ය ජීවිත හා දේපොළ හානි සිදු කිරීම සහ කඩුවක් ළඟ තබා ගැනීම යන චෝදනා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්